ලාංකේය ඉතිහාසයේ වැඩිම වියදමක් දරල හැදුවය කියන
මහා සිනමා කාව්‍ය හෙවත් සුපර් සික්ස් බලන්න පහුගිය දවසක අපි ගියා.ටීවී එකේ
උඩ පැන පැන මහා වීර චරිත විසින් වර්ණනා කිරීම මේ දහ ජරාව බලන්න යන්න
අපිවත් පෙළඹෙව්වා කිව්වොත් හරි.අපි හිතාගෙන ඉන්නේ අපිව අන්දවන්න කාටවත් ම
බෑ කියල වුනත්,අපි තාමත් ඇඳගන්න බව සුපර් සික්ස් බලන්න පටන් අරගෙන ගෙවුණු
පස් වෙනි විනාඩියේදී අපිට තේරුනා.(එක අතකට ඒකත් ලොකු දෙයක්.)ජීවිතෙන් පැය
දෙක තුනක් නාස්ති කරලා දාපු ඊනියා මහා සිනමා අන්දරය හදපු පල්ලියගුරුගේ
මහත්තයගෙ ඉඳල ඒ පල හෑල්ල බලන්න යන්න අපිව පෙළඹෙව්ව ඔලමොට්ටල විචාරක
උන්නැහේල දක්වා හැම එකෙකුටම හිතේ හැටියට බැන බැන අපි ක්වින්ලන් එකෙන් එලියට
ආවා.අපි ඕනෑතරම් කාලය නාස්ති කරන බව ඇත්ත.ඒ වුනාට රුපියල් ම 150ක් අරගෙන ඒ
විදියේ රැවට්ටීම් කරන එක මහා පාපයක් නෙව! අපි වගේ ම තවත් "සිනමාලෝලීන්"
පිරිසක් 6.30 දර්ශනය බලන්නත් පෙළ ගැහිලා හිටිය.චිත්‍රපටය පෙන්නන හෝල් එකේම
ඉඳගෙන ඒකෙ ම පෙන්වන චිත්‍රපටියක් බලන්න ආපු මිනිස්සුන්ව අපහු හරවල යවන්න ඊ ඒ
පී එකේ කට්ටිය අපිට ඉඩ නොදෙන නිසාත්,ලොකු කයිවාරු ගැහුවට අපිට එක කරන්න
බැරි බව අපි ම දන්න නිසාත් අපි කසාය බීපු ගොළුවෝ වගේ බෝඩිමට ආවා.2007
ඉඳන් ආපු බොහෝ සිංහල චිත්‍රපට බලපු අපේ
සෙනරත් ට අනුව මේක තමයි අජූත ම එක.(සෙනරත් ෆිල්ම් හෝල් එකට ගියාට මිනිහ
ෆිල්ම් එක බලනවද කියල කියන්න අපි දන්නෙ නැහැ.තව දහසකුත් එකක් වැඩ
තියෙනවනේ!!ඒ නිසා මිනිහගේ ප්‍රකාශය සැක සහිතයි).කවදාවත් කිසිම දෙයක් ගැන
හෙලා තලා කතා නොකරන පොවුවගෙන් "කොහොමද මචන් සුපර් සික්ස් ?" කියල ඇහුවම එයා
දෙන තනි වචනෙ පිළිතුර මෙතන ලියන්න බැහැ.
දවසක් දෙකක් තුනක් ගෙවිල ගියා.අපි දන්න දන්න හැම එකාව ම සුපර් සික්ස් බලන්න යන එකෙන් වලක්වා ගත්ත.
ඔය අතරේදී තමයි අපි දෙතුන් දෙනෙක් කොහේදෝ තිබිල මතු වෙච්චි කුච් කුච් හෝතා
හේ ෆිල්ම් එක බලන්න සෙට් උනේ.කොයි තරම් බොළඳ උනත්,පරණ උනත් අපි ඒක
වින්දා.බලල ඉවර උනාම අපි හැමෝටම හිතුනේ එකම සිතුවිල්ලක්.
පල්ලියගුරු මහත්තය ලක්ෂ ගානක් වියදම් කලාට වැඩ හොඳයි කාක්කන්ට ආප්ප අරන් දුන්න නම්.
ආහ්....තව පොඩ්ඩෙන් අමතක වෙනවා. 'මේ පිබිදී එන සිංහල සිනමාවට සුපර් සික්ස්
කියන්නේ මහා කාව්‍යක්!ජනතාව ඊට පාවඩ එලන්න ඕන" කියල බොරු කයිවාරු ගහපු ජන
මූල කලාකරු ජැක්සන් ඇන්තනි උත්තමයටත් අබ සරණයි!ඔබතුමාගේ අසරණ දෙමවුපියන්වත් අපිට අමතක වෙන්නෙ නැහැ!
Friday, September 21, 2012
Monday, July 2, 2012
රඹුටන්...
හැම අවුරුද්දකම ජුනි අගෝස්තු කාලෙ කියල කියන්නෙ රඹුටන්,මැන්ගුස් එහෙම හැදෙන
කාලෙ.පාර දෙපැත්තෙ ගස්වල රතු ම රතු පාට රඹුටන් වලු පිරිල ඒවයේ බරට අතු
පහලටම නැමිල බරවෙලා.ගස් යට ඉඳන් අතට අහු වෙන හැම පොලු කෑල්ලකින් ම,ගල්
කැටයකින් ම රඹුටන් වලුවලට ගහල ගෙඩි දෙක තුනක් හරි බිම දා ගන්න උත්සාහ කරන
කොල්ලෝ කුරුට්ටන්ගෙනුත් අඩුවක් නෑ...ගමේ එහෙම උනත් කොළඹට එනකොට තත්වෙ ඊට
වෙනස්.පාර දිගටම ඉටි රෙදි උඩ එක එක රටාවලට මෝස්තරවලට ගොඩ ගහපු රඹුටන්
ගොඩවල්....දහයක් පනහයි!!!! යන එන කවුරු කවුරුත් රඹුටන් ගෙඩි ටිකක් නොගෙන
යන්නේ ම නැති තරම්.ගත්තු ගමන් කන්නත් පුළුවන් නෙ!හැබැයි ලෙල්ල කටින් හපන්න
හොඳ නෑ කියලත් කියනවා.කොහොම උනත් මේක ලියන මාත් ඇතුළුව අපි හැමෝම රඹුටන්
ලෙල්ල හපන්නේ කටින් ම තමයි!
රඹුටන් ගැන ලියන්න හිතුනේ රඹුටන්වල ගුණ අගුනවත්,ලෙල්ල කටින් හපන එක හොඳ ද නැද්ද කියල විචාරයක් ලියන්නවත් නම් නෙමෙයි.රඹුටනුත් එක්ක මට මතක් වෙන එක්තරා කෙනෙක් ගැන ලියන්නයි මේ හදන්නෙ!රඹුටන් හැදෙන්නේ අවුරුද්දේ එක කාලෙක විතරක් වීම හොඳයි කියල රඹුටන් ගොඩවල් දකිද්දි මට හිතෙනවා!
මේක පරණ කතාවක්.සිද්ද වුනේ මම පහ වසරෙ ඉන්න කාලෙ.(දැනට අවුරුදු 20 කට විතර ඉස්සර ;) )මගේ පන්තියේ හිටියා ගෑනු ළමයෙක්.(ගෑනු ළමයි 20 ක් විතර හිටිය.මේ කියන්නෙ එක්කෙනෙක් ගැන.)එයාගේ නම ******.(නම ඕන නෑ..හිතුවද නම කියයි කියල? :P )ඉතින්, මේ ළමය හරි හුරුබුහුටි කෙල්ල.සුදු ම සුදු නෑ.ඒත් හරි ම අපූරු සිත්ගන්න සුළු පෙනුමක් එයාට තිබුන..කොන්ඩෙ කරල් දෙකට ගොතල,කළු පාට පුංචි රිබන් පටිවලින් ගැටගහල හිටියෙ.ඒ මදිවට ලොකු ලස්සන ඇස් දෙකකුත් තිබුන.නහය ගැන වෙනම ම පිටුවක් දෙකක් ලියන්න පුළුවන් තරමට එයාගෙ නහය ලස්සනයි.(ජීවිතේ මේ ටික කාලෙට විවිධාකාර දේවල් දැකල දැකල ම කුරෝලු වෙලා ඉන්න මම, තාමත් ඒ වගේ සුන්දර නහයක් නම් කොහේදි වත් දැකල නෑ...).එයා හිනා වෙද්දි අර කාගෙදෝ වගෙ කම්මුල් ලස්සනට වල ගැහෙනව..මෙලෝ හසරක් නොතේරෙන පහ වසරෙ හිටියා උනත් ****** ගැන මගේ පුංචි හිතේ අමුතු මොකක්දෝ යමක් තිබුණු බව මට අද වගෙ මතකයි.(ඒ 'අමුතු යමක්' කියල කියපු දේ අදටත් මතක් වෙනවා.එහෙම මතක් වෙද්දි අද දවසේදිත් මගේ හදවත ටිකක් වේගවත් වෙනව!) ඒ නිසාමද කොහෙද එයා මාත් එක්ක කතා කලත් මට එයා එක්ක හිතේ හැටියට කතා කරන්න බැරි වුනා..මම වචනෙන් දෙකෙන් ෂේප් වෙලා ගියා..(හොර හිත!)
ඇත්තම කිව්වොත්,මට මොකක්දෝ ලැජ්ජාවක් හිතුන...
ඔන්න දවසක් ඉන්ටවල් එකේ මොකක්දෝ කරුමෙකට වැස්ස නිසා මම යාළුවො සෙට් එකත් එක්ක සෙල්ලම් කරන්න ගියේ නැතුව පංතියෙම හිටියා.****** මගේ ලඟට ආව.මම තිගැස්මෙන් එයා දිහා බැලුව.
'#####!' එයා මගේ නම කියල මට කතා කළා!
"ඇයි?" ඒ මගේ කෙටි ප්රශ්නය..
'අත අල්ලන්නකෝ බඩුවක් දෙන්න..." ඒ ඇගේ හුරතල් කට හඬ.
"................" ඒ උත්තරයක් දීගන්න බැරුව තුෂ්නිම්භූත වෙලා ඉන්න මගේ නිහැඬියාව.
"අනේ අත දෙන්නකෝඕඕ........." එයා බලෙන් ම මගේ අත එයා දිහාවට ඇදල අරන් මොනවදෝ කොහු කොහු වගේ අහුවෙන දෙයක් මගේ අත උඩින් තිබ්බ...(ඒ අතේ සිනිදු පහස තාමත් මට මතකයි!)
මම අත දිගෑරල බැලුව.
රතු ම රතු පාට රඹුටන් ගෙඩි දෙකක්!!!!!
මගේ තියෙන අහේතුවට මම ඒ රඹුටන් ගෙඩි දෙක එයාට ම ආපහු බලෙන් ම දුන්න.(රඹුටන් තරමට ම මාත් රතු වෙලා හිටියා බව කවුරු හරි බලාගෙන හිටියනම් දකින්න ඇති).එයා මං දිහා වේදනාවෙන් බලල හැරිලා ගියා!
පහුවදා ආපහු අපි සුපුරුදු විදියට අපේ ජීවිත ගෙවාගෙන ගියා.එයා මාත් එක්ක සුපුරුදු විදියට ම කතා කළා.සාමාන්‍ය විදියට හැම දේම සිද්ධ වුණා! රඹුටන් සිද්ධිය අපිට අමතක වුණා!
කාලය ගත වෙලා ගියා.මම වෙනත් පාසලකට ආව.එයා තවත් කොහේට හරි යන්න ඇති!කොහෙද ඉන්නේ කියල දෙයියො තමයි දන්නෙ!
ඒත්......තාමත් රඹුටන් දකිද්දි එදා මම කරපු නොසන්ඩාල වැඩේ ගැන ලොකු හිතේ අමාරුවක් මගේ හදවත කීරි ගස්සවනවා! ******* ගෙ වේදනා බර මුහුණ මට මැවි මැවී පේනවා.රඹුටන් හැදෙන්නේ අවුරුද්දේ එක කාලෙකට විතරක් වීම හොඳයි කියල මම කිව්වේ ඒකයි!එහෙම නොවුන නම් එයාව වත්, එයාගේ මතකය වත් මේ තරම් රසවත් වෙන එකකුත් නෑ.
අන්තිමට මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මෙච්චරයි.......
ජීවිතේට අවස්ථා දෙකක් එන්නෙ නෑ!

වැස්ස.......
අහස අඳුරු අළු පාටකට හැරිල අකුණු එළිවල එලිය විතරක් සැරින් සැරේ අහස පුරා පැතිරිලා යනව.කොහේදෝ නොදන්න තැනකින් හමාගෙන එන හීතල සුළං රැලි ගතත් සිතත් හිරිවට්ටනව.ටික වෙලාවකින් පුංචි වැහි බින්දු එක දෙක වැටෙන්න පටන් ගන්නව..........
වැස්ස වහිනවා........
වැස්ස අපේ හිත්වලට එක එක වෙලාවට එක එක හැගීම් අරගෙන එනව.අපි ඉන්න තැන එක්ක ඒ හැගීම් එක එක විදියට වෙනස් වෙනව.
නුවර වැව රවුම.හැන්දෑවෙ පහයි.
හීන් වැහි බින්දු වැවට වැටෙද්දි දිය රැළිති එහාට මෙහාට වැනි වැනි අමුතු රටා මවනව.වැහි ලිහිනියො අහස පුරා එහාට මෙහාට පියාඹනවා.මාලිගාවට එහායින් මීදුමට වැහුණු උඩවත්ත කැලේ යාන්තමට පේනව.වැස්ස ගැන වගේ වගක් නැති පෙම්වතුන් වැව රවුම වටේ නුගගස් යටට වෙලා වැව දිහාත්,වැස්ස දිහාත් ඔහේ බලාගෙන ඉන්නව......සතුටකුයි දුකකුයි මුහු වෙච්ච කියාගන්න බැරි අමුත්තක් හිතට දැනෙනව.
මාතර බස් නැවතුම්පොළ.වෙලාව හවස තුනයි.
අහස වගේම අළු පාට ගැහුණු ඉන්දියන් සාගරය වෙනදට වඩා ටිකක් රළුයි.ඈත පරවි දූපත පැත්ත පේන්නෙ නැති තරමට වැහි අඳුර පැතිරිලා..වැස්ස හින්ද වෙනදට වඩා බස් නැවතුම පාලුයි.ඉඳල හිටල ඇහෙන කන් හාරගෙන යන නලා හඬක් හැරුනහම ඇහෙන්නෙ තොරතෝංචියක් නැති වැස්සෙ හඬ විතරයි.හිත පාලු,වේදනාබර කල්පනාවකට යට වෙන්න පටන් ගන්නෙ අපිටත් නොදැනිමයි....
පිටකොටුව.හවස හතරයි.
කානු,බෝක්කු පිටාර ගලාගෙන මඩ පාට වතුර ගලාගෙන යනව.විකුනන්න ගෙනාපු රම්පෙ කරපිංචා ගොඩවල් ඒ වතුරෙ හේදෙනවා.වැස්ස ගානකට ගන්නෙ නැති මිනිස්සු වැස්සෙ ම නිමා නොවෙන ගමනක එහා මෙහා යනව.තමන් වගේ පස් හය ගුණයක් උස ගෝනි කර උඩ තියාගත්ත හීන්දෑරි මිනිස්සු රංචු වෙනදටත් වඩා වේගෙන් බඩු එහා මෙහා අදිනව.වැස්ස ඒ මිනිස්සුන්ව තලල පෙලල සතුටු වෙනවදෝ කියල වෙලාවකට හිතෙනව. අපේ රටේ මිනිස්සු ගැන දුකකින් හිත වේදනාබර වෙනව.
එක ම දේ වුනත් එක එක වෙලාවල එක එක හැගීම් හිතට අරගෙන එනව.වෙලාවකට සතුටක්.වෙලාවකට දුකක්.....වැස්ස ඒ වගේ දේවල්වලින් එකක් විතරයි...එත්, වැස්සට අපි ආදරෙයි!
(මේ ලිපිය මේ විදියට ම facebook එකේ චන්දනපාය පිටුවේ පල වුනු බවත් කරුණාවෙන් සලකන්න http://www.facebook.com/pages/Chandanapaya )
විජේරාම හන්දිය....
කොළඹ - අවිස්සාවේල්ල A-4 හයිලෙවල් පාරෙ නුගේගොඩයි
මහරගමයි අතරෙ තියෙන පුංචි හන්දියක්... හන්දිය මැද්දෙම අතු පතර එහාට මෙහාට
හෙවිල ගියපු රූස්ස බෝ ගහ.කවුරුවත් වඳින්නෙ පුදන්නෙ නැති හින්දද කොහෙද
කොන්ක්‍රීට් වනන්තරේ යන එන මං නැති කපුටු ජෝඩු දෙක තුනක් තමන්ගේ අපිළිවෙල කූඩු ඒ බෝ ගහේ හදාගෙන ඉන්නව!
හන්දියෙන් එක පැත්තක් සෝරත මාවතට.හන්දියෙන් උඩහට උඩහමුල්ල පාර.
හයිලෙවල් පාර නිසා හන්දිය ම හරිම කලබලකාරීයි.තොරතෝංචියක් නැතුව එහාටයි මෙහාටයි හැල්මෙ දුවන වාහනවල ගොරෝසු විලාප,නලාවල මර ලතෝනි,දූවිල්ල........
දවසේ කොයි වෙලාවේ බැලුවත් එහෙමයි.හවස් වෙද්දී මේක දෙගුණ තෙගුණ වෙනව.දොරෙනුත් ටිකක් එළියට සෙනග පුරවගෙන බස් උඩහටයි පහළටයි ඇදෙනව.කොච්චර සෙනග පිරිල උනත් විජේරාම හන්දියෙත් බස් එක නවත්තගෙන ගිරිය යටින් කෑ ගහන්න කොන්දොස්තරල ට අමතක වෙන්නෙ නෑ.වාසනාව ට ලං වෙන්න තියෙන අන්තිම ප්‍රවේශ පත්‍ර ටික විකුණ ගන්න පොරකන ලොතරැයි වෙළෙන්දොත් හන්දියෙ එහාට මෙහාට බෙලෙක් සින්දු හඬ පතුරවමින් බයිසිකල් පදිනව.දවසේ වැඩ ඉවර කරපු ගැහැණු,මිනිස්සු හන්දියෙ උඩ පහල කඩිමුඩියෙ ගමන් කරනව.රෑ කඩේ කොත්තු ගහන සද්දෙත් කන් හිරිවට්ටගෙන, හන්දියෙ ශබ්ද පූජාව ට අඩුවැඩිය සපයනව.ටකට ටකට ටක ටක ටක.......
ජීවිතෙත් හරියට විජේරාම හන්දිය වගෙයි.කොයි වෙලාවෙ වත් නිවනක් නෑ...තේරුමක් ඇතත්,නැතත් එහාටයි මෙහාටයි ඔහේ ඇදිල යනව.හන්දියෙ වගේම ජීවිතෙත් එහාට මෙහාට යන පාරවල් ගණනාවක් තියෙනව.
හැබැයි සෝරත මාවතේ ගියත්,උඩහමුල්ල පාරෙ ගියත්,හයිලෙවල් පාරෙ ගියත් අන්තිමට වෙන්නෙ හති වැටෙන එකයි,කකුල් අමාරුවයි විතරයි!

Wednesday, June 27, 2012
සුබ උපන් දිනයක්!
ජුනි මාසය.....
අවුරුද්දෙ මාස දොළහෙන් හරි මැද්දෙ තියෙන ඒ කියන්නේ හයවෙනි මාසය...එලිසබෙත් මහ රැජිනගේ කිරුළු පැළඳීම ඇතුළු ලෝකෙ ම කතා කරන සුවිශේෂී සිදුවීම් තොගයක් ම සිද්ද වෙච්ච මාසයක් තමයි ජුනි.මේක ලියන මගේ ජන්ම දිනේ දීල තියෙන්නෙත් ජුනි මාසේ...(ඉතින් ජුනි මාසෙ වැදගත්කම කොයිතරම් ද කියල අමුතුවෙන් කියන්න ඕනය! :පී )
ලංකාවෙ පැත්තෙන් බැලුවත් ජුනි මාසෙ සෑහෙන වැදගත්!එක එක සිදුවීම් ගොඩක් මැද්දෙ ලංකාවෙ මාධ්‍ය ක්ෂේත්රයට ලොකු වැදගත් කමක් තියෙන සිදුවීම් දෙකක් සිද්ද වුනෙත් ජුනි මාසෙදි මයි!
එක. ලංකාවෙ පළමුවැනි රූපවාහිනී නාලිකාව විදියට ස්වාධීන රූපවාහිනිය(ITN එක) ආරම්භ වීම.1979 ජුනි මාසෙදි පටන් ගන්න ITN එක මේ අවුරුද්දෙ තමන්ගේ 33 වැනි උපන් දිනය සමරනව.ඒක කොයිතරම් දුරට ස්වාධීනද නැද්ද කියන එක ගැනත්, ආරම්භයේදී තිබුණු හර පද්ධතිය අද වෙද්දී තියෙන්නේ කොතනද කියන එක ගැනත් මට වෙනම ලොකූ විවේචනයක් තිබුනත් ස්වාධීන රූපවාහිනිය ශ්‍රී ලංකාවෙ ඇස්වලට අලුත් පෙනුමක් ලබා දුන්න බවත්, 94-2004 වගේ කාලය ඇතුලත මම ත් පුද්ගලිකව ස්වාධීන රූපවාහිනිය රස වින්ද බවත් නොකියාම බැහැ.පුංචි කාලෙ සුදු පුංචා,රස කතා,ජන කතා,banana man ,betle beely ,knight rider ,incredible hulk ඇතුළු තවත් එකී මෙකී නොකී වැඩසටහන් ගණනාවක් මගේ පරම්පරාවේ රස වින්දනයට තිළිණ කලේ ITN එක.සත්සර රංගන,දඬුබස්නාමානය වගේ සරල එහෙත් අපූරු විශිෂ්ට නිර්මාණ රැසකුත් අපිට රස වින්දනය කරන්න ලැබුණු බව යන්තමට මතකයි.ඒ කාලෙ කෝපි කඩේ වුනත් අද තියෙන කෝපි කඩේ වගේ රෙදි නැතුව කඩේ යන තත්වෙක තිබුනේ නෑ!TV එක නැවුම් අත්දැකීමක් වෙච්ච නිසාත්,ඒ ආයතනයේ වැඩ කරපු මිනිස්සු රටේ මිනිස්සු තණකොළ කන හරක් කියල නොහිතපු නිසාත් ස්වාධීන රූපවාහිනිය තමන්ගේ ගෞරවනීයත්වයත්,තත්වයත්,ප්‍රේක්ෂක ප්‍රසාදයත් රැකගෙන පිළිවෙලකට ජීවත් වුනා!අද ස්වාධීන රූපවාහිනිය තියෙන්නෙ කොතනද, කරන්නෙ මොනවද කියන එක වෙනම ම කතා කල යුතු දීර්ඝ නිෂ්ඵල කතිකාවතක්!මගේ ඇඟිලි රිදෙන නිසා ඒ ගැන පසුව බලමු.
දෙක.සිරස TV නාලිකාව ආරම්භ වෙන්නෙත් ජුනි මාසෙක.මේ අවුරුද්ද එයාලගෙ 14 වෙනි
එක.කොට්ට උරයක් ඇතුලට අත දාල ඒක කණපිට හරවනව වගේ රූපවාහිනිය කණපිට ගහල උඩු
යටිකුරු කරල දාන්න සිරසට පුළුවන් වුනේ සිරස බිහිවෙනතුරුම අපේ රටේ TV චැනල්
ටික ඉබි ගමනින් හරි අපේ ආරක වැඩසටහන් විතරක් ඉදිරිපත් කරමින් ලෝකයේ
ප්රවණතා නොසලකා ගමන් කිරීම නිසා විය යුතුයි.(සිරස කලේ හොඳක් ද නරකක් ද
කියල ලංකාවෙ ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු වෙච්චි අපිට හිත ගන්න අමාරුයි.ඒකට
ලොකු ම හේතුව සිරස කරන කරන වැඩේ එයාට වඩා ජ්‍යෙෂ්ට උත්තමයො වෙච්චි ස්වාධීන
රූපවාහිනිය සහ ජාතික රූපවාහිනියත් අමු අමුවේ සිරස කරනව වගේ ම කරන්න
පෙළඹීමයි.කොහොම වුනත් සිරසත් ලංකාවෙ ජනතාවට අලුත් ආරක අත්දැකීම් ගණනාවක්ම
ලබා දුන්න.සිංහලෙන් හඬ කවපු හොඳම කාටූන් එකක් විදියට සූර පප්පව බිහි කරන්නෙ
සිරස.එතකම් අපි පිස්සු පූස ව, දොස්තර හොද හිත ව නොබැලුවා නෙමෙයි.එත් ඊට
වඩා සරල භාෂා ශයිලියකුත්,කතා වහරකුත් තිබුණු නිසාමද කොහෙද සූර පප්පා අසීමිත
ජනප්‍රියත්වයක් දිනා ගත්ත.(අවුරුදු ගණනාවක් ගත වෙලත් තවමත් සූර පප්පා
විකාශය වෙනව.බලන්න පුළුවන් වෙලාවක විකාශය වෙනවනම් මම තවමත් ඒක ආයේ ආයෙත්
බලනව.)රස රිසි ගී වේවා,අපි නොදන්න ලයිව් වේවා,ප්‍රවුර්ති (NEWS) වේවා සිරස ඒ
හැම එකක්ම අලුත් විදියකට කලා.ඕනවට වඩා බරපතල විදියට කලා.ඒක නිසාම සිරස
විහිළුවක් බවටත් පත් නොවෙනවා ම නෙමෙයි! (ශ්‍රී රංගට කිවිසුමක් ගියත්,සජිත්
ප්‍රේමදාස මොන්ටිසෝරියකට ගියත් සිරසට ඒවා breaking news වීම වගේ
උදාහරණයක් මගේ මේ ප්‍රකාශය තහවුරු කරන්න හොඳට ම ප්‍රමාණවත්).ඔය විදියේ
අනන්ත විධ ගොන් පාර්ට් නිසාම අද වෙනකොට ඉස්සර සිරස ගැන මගේ තිබුණු ප්‍රසාදය
එන්න එන්නම පිරිහෙන බවත් නොකිව්වොත් ඒකත් අඩුපාඩුවක්!
අද වෙද්දී ලංකාවෙ කිසිම විද්‍යුත් නාලිකාවක් ගැන මගේ ප්‍රසාදයක් නැතත්,ටික කාලෙකට හරි මගේ කැමැත්ත දිනුව TV චැනල් දෙක ඔය දෙන්න විතරයි!
ඉතින්, ජුනි මාසෙ උපන් දින සමරන ලාංකේය විද්‍යුත් මාධ්‍යයේ දෙවිදියක
"චන්ඩි" දෙන්නට ම වෙනසක් නැතුවම මනොරාජ්ජයේ උණුසුම් සුබ පැතුම්!!!!!!!!
අවුරුද්දෙ මාස දොළහෙන් හරි මැද්දෙ තියෙන ඒ කියන්නේ හයවෙනි මාසය...එලිසබෙත් මහ රැජිනගේ කිරුළු පැළඳීම ඇතුළු ලෝකෙ ම කතා කරන සුවිශේෂී සිදුවීම් තොගයක් ම සිද්ද වෙච්ච මාසයක් තමයි ජුනි.මේක ලියන මගේ ජන්ම දිනේ දීල තියෙන්නෙත් ජුනි මාසේ...(ඉතින් ජුනි මාසෙ වැදගත්කම කොයිතරම් ද කියල අමුතුවෙන් කියන්න ඕනය! :පී )
ලංකාවෙ පැත්තෙන් බැලුවත් ජුනි මාසෙ සෑහෙන වැදගත්!එක එක සිදුවීම් ගොඩක් මැද්දෙ ලංකාවෙ මාධ්‍ය ක්ෂේත්රයට ලොකු වැදගත් කමක් තියෙන සිදුවීම් දෙකක් සිද්ද වුනෙත් ජුනි මාසෙදි මයි!
එක. ලංකාවෙ පළමුවැනි රූපවාහිනී නාලිකාව විදියට ස්වාධීන රූපවාහිනිය(ITN එක) ආරම්භ වීම.1979 ජුනි මාසෙදි පටන් ගන්න ITN එක මේ අවුරුද්දෙ තමන්ගේ 33 වැනි උපන් දිනය සමරනව.ඒක කොයිතරම් දුරට ස්වාධීනද නැද්ද කියන එක ගැනත්, ආරම්භයේදී තිබුණු හර පද්ධතිය අද වෙද්දී තියෙන්නේ කොතනද කියන එක ගැනත් මට වෙනම ලොකූ විවේචනයක් තිබුනත් ස්වාධීන රූපවාහිනිය ශ්‍රී ලංකාවෙ ඇස්වලට අලුත් පෙනුමක් ලබා දුන්න බවත්, 94-2004 වගේ කාලය ඇතුලත මම ත් පුද්ගලිකව ස්වාධීන රූපවාහිනිය රස වින්ද බවත් නොකියාම බැහැ.පුංචි කාලෙ සුදු පුංචා,රස කතා,ජන කතා,banana man ,betle beely ,knight rider ,incredible hulk ඇතුළු තවත් එකී මෙකී නොකී වැඩසටහන් ගණනාවක් මගේ පරම්පරාවේ රස වින්දනයට තිළිණ කලේ ITN එක.සත්සර රංගන,දඬුබස්නාමානය වගේ සරල එහෙත් අපූරු විශිෂ්ට නිර්මාණ රැසකුත් අපිට රස වින්දනය කරන්න ලැබුණු බව යන්තමට මතකයි.ඒ කාලෙ කෝපි කඩේ වුනත් අද තියෙන කෝපි කඩේ වගේ රෙදි නැතුව කඩේ යන තත්වෙක තිබුනේ නෑ!TV එක නැවුම් අත්දැකීමක් වෙච්ච නිසාත්,ඒ ආයතනයේ වැඩ කරපු මිනිස්සු රටේ මිනිස්සු තණකොළ කන හරක් කියල නොහිතපු නිසාත් ස්වාධීන රූපවාහිනිය තමන්ගේ ගෞරවනීයත්වයත්,තත්වයත්,ප්‍රේක්ෂක ප්‍රසාදයත් රැකගෙන පිළිවෙලකට ජීවත් වුනා!අද ස්වාධීන රූපවාහිනිය තියෙන්නෙ කොතනද, කරන්නෙ මොනවද කියන එක වෙනම ම කතා කල යුතු දීර්ඝ නිෂ්ඵල කතිකාවතක්!මගේ ඇඟිලි රිදෙන නිසා ඒ ගැන පසුව බලමු.
දෙක.සිරස TV නාලිකාව ආරම්භ වෙන්නෙත් ජුනි මාසෙක.මේ අවුරුද්ද එයාලගෙ 14 වෙනි
එක.කොට්ට උරයක් ඇතුලට අත දාල ඒක කණපිට හරවනව වගේ රූපවාහිනිය කණපිට ගහල උඩු
යටිකුරු කරල දාන්න සිරසට පුළුවන් වුනේ සිරස බිහිවෙනතුරුම අපේ රටේ TV චැනල්
ටික ඉබි ගමනින් හරි අපේ ආරක වැඩසටහන් විතරක් ඉදිරිපත් කරමින් ලෝකයේ
ප්රවණතා නොසලකා ගමන් කිරීම නිසා විය යුතුයි.(සිරස කලේ හොඳක් ද නරකක් ද
කියල ලංකාවෙ ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු වෙච්චි අපිට හිත ගන්න අමාරුයි.ඒකට
ලොකු ම හේතුව සිරස කරන කරන වැඩේ එයාට වඩා ජ්‍යෙෂ්ට උත්තමයො වෙච්චි ස්වාධීන
රූපවාහිනිය සහ ජාතික රූපවාහිනියත් අමු අමුවේ සිරස කරනව වගේ ම කරන්න
පෙළඹීමයි.කොහොම වුනත් සිරසත් ලංකාවෙ ජනතාවට අලුත් ආරක අත්දැකීම් ගණනාවක්ම
ලබා දුන්න.සිංහලෙන් හඬ කවපු හොඳම කාටූන් එකක් විදියට සූර පප්පව බිහි කරන්නෙ
සිරස.එතකම් අපි පිස්සු පූස ව, දොස්තර හොද හිත ව නොබැලුවා නෙමෙයි.එත් ඊට
වඩා සරල භාෂා ශයිලියකුත්,කතා වහරකුත් තිබුණු නිසාමද කොහෙද සූර පප්පා අසීමිත
ජනප්‍රියත්වයක් දිනා ගත්ත.(අවුරුදු ගණනාවක් ගත වෙලත් තවමත් සූර පප්පා
විකාශය වෙනව.බලන්න පුළුවන් වෙලාවක විකාශය වෙනවනම් මම තවමත් ඒක ආයේ ආයෙත්
බලනව.)රස රිසි ගී වේවා,අපි නොදන්න ලයිව් වේවා,ප්‍රවුර්ති (NEWS) වේවා සිරස ඒ
හැම එකක්ම අලුත් විදියකට කලා.ඕනවට වඩා බරපතල විදියට කලා.ඒක නිසාම සිරස
විහිළුවක් බවටත් පත් නොවෙනවා ම නෙමෙයි! (ශ්‍රී රංගට කිවිසුමක් ගියත්,සජිත්
ප්‍රේමදාස මොන්ටිසෝරියකට ගියත් සිරසට ඒවා breaking news වීම වගේ
උදාහරණයක් මගේ මේ ප්‍රකාශය තහවුරු කරන්න හොඳට ම ප්‍රමාණවත්).ඔය විදියේ
අනන්ත විධ ගොන් පාර්ට් නිසාම අද වෙනකොට ඉස්සර සිරස ගැන මගේ තිබුණු ප්‍රසාදය
එන්න එන්නම පිරිහෙන බවත් නොකිව්වොත් ඒකත් අඩුපාඩුවක්! අද වෙද්දී ලංකාවෙ කිසිම විද්‍යුත් නාලිකාවක් ගැන මගේ ප්‍රසාදයක් නැතත්,ටික කාලෙකට හරි මගේ කැමැත්ත දිනුව TV චැනල් දෙක ඔය දෙන්න විතරයි!
Sunday, June 10, 2012
මගේ මනෝ රාජ්ජය.....
අපි කාට කාටත් තමන්ගේ ම කියල මනෝ ලෝක තියෙනව.....මනෝ රාජ්ජ!
අපේ සිතුවිලිවලට ඕන ඕන විදියට හැඩය වෙනස් වෙන, පාට වෙනස් වෙන,සුවඳ වෙනස් වෙන රාජ්ජයක්! මේ මනෝ රාජ්ජවල රජකම අපේ! ඉතින් අපිට ඕන ඕන දේවල් මේ රාජ්ජේ ඇතුලේ කරන්න පුළුවන්.කාගෙන්වත් තහනමක් නෑ...(එව්වා කොහෙද....? රජකම මගේ!රාජ්ජය මගේ!කවුරු හරි පාර්ට් දාන්න අවොත් ඌට සලකන්න සුදු වෑන් එකක් හරි යවන්න බැරිය!)
ඉතින් මටත් මනෝ රාජ්ජයක් තියෙනව.ඒකෙ තණකොළ ගහේ ඉඳල රජ මාලිගාව වෙනකම් හැම දෙයක්ම මට ඕන විදියට! ඊයේ උදේ මගේ රාජධානිය ඉලිප්සාකාරයි.අද දවල් වෙද්දී ඒක ත්‍රපීසියමක්! ගොඩනැගිලි,මං මාවත්,මිනිස්සු,සත්තු....ඔක්කොම මම!
මට හිතුනම මම රජතුමා.නැත්නම් ඔටුන්න හිමි කුමාරයා.එහෙමත් නැත්නම් මහ ඇමති....තවත් වෙලාවකට කම්කරුවෙක්,හිගන්නෙක්,පිස්සෙක්!ගිය සතියේ මම මහ දිසාපති කෙනෙක් වෙලා හිටියෙ!පෙරේද හවස මට හදිස්සියේ විදුහල්පති කමක් හම්බ උනා! :D මනෝ රාජ්ජය සුවිශාලයි!සුවිශේෂයි!
මට හිතුන මගේ මනෝ රාජ්ජය බ්ලොග් පිටුවක කෙටුම්පත් කරන්න.කාටවත් බලන්න දෙන්නමත් නෙමෙයි.මගේම වින්දනේට!
ඉලිප්සයක් වගේ උනත්,ත්‍රපීසියමක් වුනත්,රොම්බසයක් උනත් මේ මගේ රාජ්ජය! මම රජතුමා උනත්,දිසාපති උනත්,සභාපති උනත්,පිස්සෙක් උනත් මේ මම!!
ඉතින්.........මේ මගේ මනෝ රාජ්ජය!

Subscribe to:
Comments (Atom)