Friday, September 21, 2012

සුපර් සික්ස් සහ කුච් කුච් හෝතා හේ!

ලාංකේය ඉතිහාසයේ වැඩිම වියදමක් දරල හැදුවය කියන මහා සිනමා කාව්‍ය හෙවත් සුපර් සික්ස් බලන්න පහුගිය දවසක අපි ගියා.ටීවී එකේ උඩ පැන පැන මහා වීර චරිත විසින් වර්ණනා කිරීම මේ දහ ජරාව බලන්න යන්න අපිවත් පෙළඹෙව්වා කිව්වොත් හරි.අපි හිතාගෙන ඉන්නේ අපිව අන්දවන්න කාටවත් ම බෑ කියල වුනත්,අපි තාමත් ඇඳගන්න බව සුපර් සික්ස් බලන්න පටන් අරගෙන ගෙවුණු පස් වෙනි විනාඩියේදී අපිට තේරුනා.(එක අතකට ඒකත් ලොකු දෙයක්.)ජීවිතෙන් පැය දෙක තුනක් නාස්ති කරලා දාපු ඊනියා මහා සිනමා අන්දරය හදපු පල්ලියගුරුගේ මහත්තයගෙ ඉඳල ඒ පල හෑල්ල බලන්න යන්න අපිව පෙළඹෙව්ව ඔලමොට්ටල විචාරක උන්නැහේල දක්වා හැම එකෙකුටම හිතේ හැටියට බැන බැන අපි ක්වින්ලන් එකෙන් එලියට ආවා.අපි ඕනෑතරම් කාලය නාස්ති කරන බව ඇත්ත.ඒ වුනාට රුපියල් ම 150ක් අරගෙන ඒ විදියේ රැවට්ටීම් කරන එක මහා පාපයක් නෙව! අපි වගේ ම තවත් "සිනමාලෝලීන්" පිරිසක් 6.30 දර්ශනය බලන්නත් පෙළ ගැහිලා හිටිය.චිත්‍රපටය පෙන්නන හෝල් එකේම ඉඳගෙන ඒකෙ ම පෙන්වන චිත්‍රපටියක් බලන්න ආපු මිනිස්සුන්ව අපහු හරවල යවන්න ඊ ඒ පී එකේ කට්ටිය අපිට ඉඩ නොදෙන නිසාත්,ලොකු කයිවාරු ගැහුවට අපිට එක ක‍රන්න බැරි බව අපි ම දන්න නිසාත් අපි කසාය බීපු ගොළුවෝ වගේ බෝඩිමට ආවා.2007 ඉඳන් ආපු බොහෝ සිංහල චිත්‍රපට බලපු අපේ සෙනරත් ට අනුව මේක තමයි අජූත ම එක.(සෙනරත් ෆිල්ම් හෝල් එකට ගියාට මිනිහ ෆිල්ම් එක බලනවද කියල කියන්න අපි දන්නෙ නැහැ.තව දහසකුත් එකක් වැඩ තියෙනවනේ!!ඒ නිසා මිනිහගේ ප්‍රකාශය සැක සහිතයි).කවදාවත් කිසිම දෙයක් ගැන හෙලා තලා කතා නොකරන පොවුවගෙන් "කොහොමද මචන් සුපර් සික්ස් ?" කියල ඇහුවම එයා දෙන තනි වචනෙ පිළිතුර මෙතන ලියන්න බැහැ.

දවසක් දෙකක් තුනක් ගෙවිල ගියා.අපි දන්න දන්න හැම එකාව ම සුපර් සික්ස් බලන්න යන එකෙන් වලක්වා ගත්ත.
ඔය අතරේදී තමයි අපි දෙතුන් දෙනෙක් කොහේදෝ තිබිල මතු වෙච්චි කුච් කුච් හෝතා හේ ෆිල්ම් එක බලන්න සෙට් උනේ.කොයි තරම් බොළඳ උනත්,පරණ උනත් අපි ඒක වින්දා.බලල ඉවර උනාම අපි හැමෝටම හිතුනේ එකම සිතුවිල්ලක්.

 පල්ලියගුරු මහත්තය ලක්ෂ ගානක් වියදම් කලාට වැඩ හොඳයි කාක්කන්ට ආප්ප අරන් දුන්න නම්.

ආහ්....තව පොඩ්ඩෙන් අමතක වෙනවා. 'මේ පිබිදී එන සිංහල සිනමාවට සුපර් සික්ස් කියන්නේ මහා කාව්‍යක්!ජනතාව ඊට පාවඩ එලන්න ඕන" කියල බොරු කයිවාරු ගහපු ජන මූල කලාකරු ජැක්සන් ඇන්තනි
උත්තමයටත් අබ සරණයි!ඔබතුමාගේ අසරණ දෙමවුපියන්වත් අපිට අමතක වෙන්නෙ නැහැ!

2 comments:

  1. ශ්‍රී ලංකාව තුල නිපදවූ සිනමා පට වලින් මා ද නැරඹූ කුජීතම සිනමා පටය බව පැවසීම නිවැරදිය.......

    ReplyDelete
  2. තවත් පෝස්‍ටුවක් එනතෙක් බලා සිටිමි............

    ReplyDelete