අපි කාට කාටත් තමන්ගේ ම කියල මනෝ ලෝක තියෙනව.....මනෝ රාජ්ජ!
අපේ සිතුවිලිවලට ඕන ඕන විදියට හැඩය වෙනස් වෙන, පාට වෙනස් වෙන,සුවඳ වෙනස් වෙන
රාජ්ජයක්! මේ මනෝ රාජ්ජවල රජකම අපේ! ඉතින් අපිට ඕන ඕන දේවල් මේ රාජ්ජේ
ඇතුලේ කරන්න පුළුවන්.කාගෙන්වත් තහනමක් නෑ...(එව්වා කොහෙද....? රජකම
මගේ!රාජ්ජය මගේ!කවුරු හරි පාර්ට් දාන්න අවොත් ඌට සලකන්න සුදු වෑන් එකක් හරි
යවන්න බැරිය!)
ඉතින් මටත් මනෝ රාජ්ජයක් තියෙනව.ඒකෙ තණකොළ ගහේ ඉඳල රජ මාලිගාව වෙනකම් හැම
දෙයක්ම මට ඕන විදියට! ඊයේ උදේ මගේ රාජධානිය ඉලිප්සාකාරයි.අද දවල් වෙද්දී ඒක
ත්රපීසියමක්! ගොඩනැගිලි,මං මාවත්,මිනිස්සු,සත්තු....ඔක්කොම මම!
මට හිතුනම මම රජතුමා.නැත්නම් ඔටුන්න හිමි කුමාරයා.එහෙමත් නැත්නම් මහ
ඇමති....තවත් වෙලාවකට කම්කරුවෙක්,හිගන්නෙක්,පිස්සෙක්!ගිය සතියේ මම මහ
දිසාපති කෙනෙක් වෙලා හිටියෙ!පෙරේද හවස මට හදිස්සියේ විදුහල්පති කමක් හම්බ
උනා! :D මනෝ රාජ්ජය සුවිශාලයි!සුවිශේෂයි!
මට හිතුන මගේ මනෝ රාජ්ජය බ්ලොග් පිටුවක කෙටුම්පත් කරන්න.කාටවත් බලන්න දෙන්නමත් නෙමෙයි.මගේම වින්දනේට!
ඉලිප්සයක් වගේ උනත්,ත්රපීසියමක් වුනත්,රොම්බසයක් උනත් මේ මගේ රාජ්ජය! මම රජතුමා උනත්,දිසාපති උනත්,සභාපති උනත්,පිස්සෙක් උනත් මේ මම!!
ඉතින්.........මේ මගේ මනෝ රාජ්ජය!
ඔබේ මනෝ රාජ්ජෙට මගේ සුභපැතුම්!!!! ඉදිරියට හොඳ හොඳ කතන්දර කියවන්න අපි බලාගෙන ඉන්නව...... මම ගිම්හාන
ReplyDeleteඔබේ ප්රතිචාරයට ස්තූතියි ගිම්හාන..!
DeleteBlog 1 follow කරන්න බෑ.......
ReplyDelete