හැම අවුරුද්දකම ජුනි අගෝස්තු කාලෙ කියල කියන්නෙ රඹුටන්,මැන්ගුස් එහෙම හැදෙන
කාලෙ.පාර දෙපැත්තෙ ගස්වල රතු ම රතු පාට රඹුටන් වලු පිරිල ඒවයේ බරට අතු
පහලටම නැමිල බරවෙලා.ගස් යට ඉඳන් අතට අහු වෙන හැම පොලු කෑල්ලකින් ම,ගල්
කැටයකින් ම රඹුටන් වලුවලට ගහල ගෙඩි දෙක තුනක් හරි බිම දා ගන්න උත්සාහ කරන
කොල්ලෝ කුරුට්ටන්ගෙනුත් අඩුවක් නෑ...ගමේ එහෙම උනත් කොළඹට එනකොට තත්වෙ ඊට
වෙනස්.පාර දිගටම ඉටි රෙදි උඩ එක එක රටාවලට මෝස්තරවලට ගොඩ ගහපු රඹුටන්
ගොඩවල්....දහයක් පනහයි!!!! යන එන කවුරු කවුරුත් රඹුටන් ගෙඩි ටිකක් නොගෙන
යන්නේ ම නැති තරම්.ගත්තු ගමන් කන්නත් පුළුවන් නෙ!හැබැයි ලෙල්ල කටින් හපන්න
හොඳ නෑ කියලත් කියනවා.කොහොම උනත් මේක ලියන මාත් ඇතුළුව අපි හැමෝම රඹුටන්
ලෙල්ල හපන්නේ කටින් ම තමයි!
රඹුටන් ගැන ලියන්න හිතුනේ රඹුටන්වල ගුණ අගුනවත්,ලෙල්ල කටින් හපන එක හොඳ ද
නැද්ද කියල විචාරයක් ලියන්නවත් නම් නෙමෙයි.රඹුටනුත් එක්ක මට මතක් වෙන
එක්තරා කෙනෙක් ගැන ලියන්නයි මේ හදන්නෙ!රඹුටන් හැදෙන්නේ අවුරුද්දේ එක කාලෙක
විතරක් වීම හොඳයි කියල රඹුටන් ගොඩවල් දකිද්දි මට හිතෙනවා!
මේක පරණ කතාවක්.සිද්ද වුනේ මම පහ වසරෙ ඉන්න කාලෙ.(දැනට අවුරුදු 20 කට විතර
ඉස්සර ;) )මගේ පන්තියේ හිටියා ගෑනු ළමයෙක්.(ගෑනු ළමයි 20 ක් විතර හිටිය.මේ
කියන්නෙ එක්කෙනෙක් ගැන.)එයාගේ නම ******.(නම ඕන නෑ..හිතුවද නම කියයි කියල?
:P )ඉතින්, මේ ළමය හරි හුරුබුහුටි කෙල්ල.සුදු ම සුදු නෑ.ඒත් හරි ම අපූරු
සිත්ගන්න සුළු පෙනුමක් එයාට තිබුන..කොන්ඩෙ කරල් දෙකට ගොතල,කළු පාට පුංචි
රිබන් පටිවලින් ගැටගහල හිටියෙ.ඒ මදිවට ලොකු ලස්සන ඇස් දෙකකුත් තිබුන.නහය
ගැන වෙනම ම පිටුවක් දෙකක් ලියන්න පුළුවන් තරමට එයාගෙ නහය ලස්සනයි.(ජීවිතේ මේ ටික කාලෙට විවිධාකාර දේවල් දැකල දැකල ම කුරෝලු වෙලා ඉන්න මම, තාමත් ඒ වගේ සුන්දර නහයක් නම් කොහේදි වත් දැකල නෑ...).එයා
හිනා වෙද්දි අර කාගෙදෝ වගෙ කම්මුල් ලස්සනට වල ගැහෙනව..මෙලෝ හසරක් නොතේරෙන
පහ වසරෙ හිටියා උනත් ****** ගැන මගේ පුංචි හිතේ අමුතු මොකක්දෝ යමක් තිබුණු
බව මට අද වගෙ මතකයි.(ඒ 'අමුතු යමක්' කියල කියපු දේ අදටත් මතක් වෙනවා.එහෙම
මතක් වෙද්දි අද දවසේදිත් මගේ හදවත ටිකක් වේගවත් වෙනව!) ඒ නිසාමද කොහෙද එයා
මාත් එක්ක කතා කලත් මට එයා එක්ක හිතේ හැටියට කතා කරන්න බැරි වුනා..මම වචනෙන්
දෙකෙන් ෂේප් වෙලා ගියා..(හොර හිත!)
ඇත්තම කිව්වොත්,මට මොකක්දෝ ලැජ්ජාවක්
හිතුන...
ඔන්න දවසක් ඉන්ටවල් එකේ මොකක්දෝ කරුමෙකට වැස්ස නිසා මම යාළුවො සෙට් එකත්
එක්ක සෙල්ලම් කරන්න ගියේ නැතුව පංතියෙම හිටියා.****** මගේ ලඟට ආව.මම
තිගැස්මෙන් එයා දිහා බැලුව.
'#####!' එයා මගේ නම කියල මට කතා කළා!
"ඇයි?" ඒ මගේ කෙටි ප්‍රශ්නය..
'අත අල්ලන්නකෝ බඩුවක් දෙන්න..." ඒ ඇගේ හුරතල් කට හඬ.
"................" ඒ උත්තරයක් දීගන්න බැරුව තුෂ්නිම්භූත වෙලා ඉන්න මගේ නිහැඬියාව.
"අනේ අත දෙන්නකෝඕඕ........." එයා බලෙන් ම මගේ අත එයා දිහාවට ඇදල අරන්
මොනවදෝ කොහු කොහු වගේ අහුවෙන දෙයක් මගේ අත උඩින් තිබ්බ...(ඒ අතේ සිනිදු පහස
තාමත් මට මතකයි!)
මම අත දිගෑරල බැලුව.
රතු ම රතු පාට රඹුටන් ගෙඩි දෙකක්!!!!!
මගේ තියෙන අහේතුවට මම ඒ රඹුටන් ගෙඩි දෙක එයාට ම ආපහු බලෙන් ම දුන්න.(රඹුටන්
තරමට ම මාත් රතු වෙලා හිටියා බව කවුරු හරි බලාගෙන හිටියනම් දකින්න
ඇති).එයා මං දිහා වේදනාවෙන් බලල හැරිලා ගියා!
පහුවදා ආපහු අපි සුපුරුදු විදියට අපේ ජීවිත ගෙවාගෙන ගියා.එයා මාත් එක්ක
සුපුරුදු විදියට ම කතා කළා.සාමාන්‍ය විදියට හැම දේම සිද්ධ වුණා! රඹුටන්
සිද්ධිය අපිට අමතක වුණා!
කාලය ගත වෙලා ගියා.මම වෙනත් පාසලකට ආව.එයා තවත් කොහේට හරි යන්න ඇති!කොහෙද ඉන්නේ කියල දෙයියො තමයි දන්නෙ!
ඒත්......තාමත් රඹුටන් දකිද්දි එදා මම කරපු නොසන්ඩාල වැඩේ ගැන ලොකු හිතේ
අමාරුවක් මගේ හදවත කීරි ගස්සවනවා! ******* ගෙ වේදනා බර මුහුණ මට මැවි මැවී
පේනවා.රඹුටන් හැදෙන්නේ අවුරුද්දේ එක කාලෙකට විතරක් වීම හොඳයි කියල මම
කිව්වේ ඒකයි!එහෙම නොවුන නම් එයාව වත්, එයාගේ මතකය වත් මේ තරම් රසවත් වෙන එකකුත් නෑ.
අන්තිමට මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මෙච්චරයි.......
ජීවිතේට අවස්ථා දෙකක් එන්නෙ නෑ!
Monday, July 2, 2012
වැස්ස.......
අහස අඳුරු අළු පාටකට හැරිල අකුණු එළිවල එලිය විතරක් සැරින් සැරේ අහස පුරා පැතිරිලා යනව.කොහේදෝ නොදන්න තැනකින් හමාගෙන එන හීතල සුළං රැලි ගතත් සිතත් හිරිවට්ටනව.ටික වෙලාවකින් පුංචි වැහි බින්දු එක දෙක වැටෙන්න පටන් ගන්නව..........
වැස්ස වහිනවා........
වැස්ස අපේ හිත්වලට එක එක වෙලාවට එක එක හැගීම් අරගෙන එනව.අපි ඉන්න තැන එක්ක ඒ හැගීම් එක එක විදියට වෙනස් වෙනව.
නුවර වැව රවුම.හැන්දෑවෙ පහයි.
හීන් වැහි බින්දු වැවට වැටෙද්දි දිය රැළිති එහාට මෙහාට වැනි වැනි අමුතු රටා මවනව.වැහි ලිහිනියො අහස පුරා එහාට මෙහාට පියාඹනවා.මාලිගාවට එහායින් මීදුමට වැහුණු උඩවත්ත කැලේ යාන්තමට පේනව.වැස්ස ගැන වගේ වගක් නැති පෙම්වතුන් වැව රවුම වටේ නුගගස් යටට වෙලා වැව දිහාත්,වැස්ස දිහාත් ඔහේ බලාගෙන ඉන්නව......සතුටකුයි දුකකුයි මුහු වෙච්ච කියාගන්න බැරි අමුත්තක් හිතට දැනෙනව.
මාතර බස් නැවතුම්පොළ.වෙලාව හවස තුනයි.
අහස වගේම අළු පාට ගැහුණු ඉන්දියන් සාගරය වෙනදට වඩා ටිකක් රළුයි.ඈත පරවි දූපත පැත්ත පේන්නෙ නැති තරමට වැහි අඳුර පැතිරිලා..වැස්ස හින්ද වෙනදට වඩා බස් නැවතුම පාලුයි.ඉඳල හිටල ඇහෙන කන් හාරගෙන යන නලා හඬක් හැරුනහම ඇහෙන්නෙ තොරතෝංචියක් නැති වැස්සෙ හඬ විතරයි.හිත පාලු,වේදනාබර කල්පනාවකට යට වෙන්න පටන් ගන්නෙ අපිටත් නොදැනිමයි....
පිටකොටුව.හවස හතරයි.
කානු,බෝක්කු පිටාර ගලාගෙන මඩ පාට වතුර ගලාගෙන යනව.විකුනන්න ගෙනාපු රම්පෙ කරපිංචා ගොඩවල් ඒ වතුරෙ හේදෙනවා.වැස්ස ගානකට ගන්නෙ නැති මිනිස්සු වැස්සෙ ම නිමා නොවෙන ගමනක එහා මෙහා යනව.තමන් වගේ පස් හය ගුණයක් උස ගෝනි කර උඩ තියාගත්ත හීන්දෑරි මිනිස්සු රංචු වෙනදටත් වඩා වේගෙන් බඩු එහා මෙහා අදිනව.වැස්ස ඒ මිනිස්සුන්ව තලල පෙලල සතුටු වෙනවදෝ කියල වෙලාවකට හිතෙනව. අපේ රටේ මිනිස්සු ගැන දුකකින් හිත වේදනාබර වෙනව.
එක ම දේ වුනත් එක එක වෙලාවල එක එක හැගීම් හිතට අරගෙන එනව.වෙලාවකට සතුටක්.වෙලාවකට දුකක්.....වැස්ස ඒ වගේ දේවල්වලින් එකක් විතරයි...එත්, වැස්සට අපි ආදරෙයි!
(මේ ලිපිය මේ විදියට ම facebook එකේ චන්දනපාය පිටුවේ පල වුනු බවත් කරුණාවෙන් සලකන්න http://www.facebook.com/pages/Chandanapaya )
විජේරාම හන්දිය....
කොළඹ - අවිස්සාවේල්ල A-4 හයිලෙවල් පාරෙ නුගේගොඩයි
මහරගමයි අතරෙ තියෙන පුංචි හන්දියක්... හන්දිය මැද්දෙම අතු පතර එහාට මෙහාට
හෙවිල ගියපු රූස්ස බෝ ගහ.කවුරුවත් වඳින්නෙ පුදන්නෙ නැති හින්දද කොහෙද
කොන්ක්‍රීට් වනන්තරේ යන එන මං නැති කපුටු ජෝඩු දෙක තුනක් තමන්ගේ අපිළිවෙල කූඩු ඒ බෝ ගහේ හදාගෙන ඉන්නව!
හන්දියෙන් එක පැත්තක් සෝරත මාවතට.හන්දියෙන් උඩහට උඩහමුල්ල පාර.
හයිලෙවල් පාර නිසා හන්දිය ම හරිම කලබලකාරීයි.තොරතෝංචියක් නැතුව එහාටයි මෙහාටයි හැල්මෙ දුවන වාහනවල ගොරෝසු විලාප,නලාවල මර ලතෝනි,දූවිල්ල........
දවසේ කොයි වෙලාවේ බැලුවත් එහෙමයි.හවස් වෙද්දී මේක දෙගුණ තෙගුණ වෙනව.දොරෙනුත් ටිකක් එළියට සෙනග පුරවගෙන බස් උඩහටයි පහළටයි ඇදෙනව.කොච්චර සෙනග පිරිල උනත් විජේරාම හන්දියෙත් බස් එක නවත්තගෙන ගිරිය යටින් කෑ ගහන්න කොන්දොස්තරල ට අමතක වෙන්නෙ නෑ.වාසනාව ට ලං වෙන්න තියෙන අන්තිම ප්‍රවේශ පත්‍ර ටික විකුණ ගන්න පොරකන ලොතරැයි වෙළෙන්දොත් හන්දියෙ එහාට මෙහාට බෙලෙක් සින්දු හඬ පතුරවමින් බයිසිකල් පදිනව.දවසේ වැඩ ඉවර කරපු ගැහැණු,මිනිස්සු හන්දියෙ උඩ පහල කඩිමුඩියෙ ගමන් කරනව.රෑ කඩේ කොත්තු ගහන සද්දෙත් කන් හිරිවට්ටගෙන, හන්දියෙ ශබ්ද පූජාව ට අඩුවැඩිය සපයනව.ටකට ටකට ටක ටක ටක.......
ජීවිතෙත් හරියට විජේරාම හන්දිය වගෙයි.කොයි වෙලාවෙ වත් නිවනක් නෑ...තේරුමක් ඇතත්,නැතත් එහාටයි මෙහාටයි ඔහේ ඇදිල යනව.හන්දියෙ වගේම ජීවිතෙත් එහාට මෙහාට යන පාරවල් ගණනාවක් තියෙනව.
හැබැයි සෝරත මාවතේ ගියත්,උඩහමුල්ල පාරෙ ගියත්,හයිලෙවල් පාරෙ ගියත් අන්තිමට වෙන්නෙ හති වැටෙන එකයි,කකුල් අමාරුවයි විතරයි!

Subscribe to:
Comments (Atom)